r/Linux_SriLanka • u/Kulasoooriyaa ThirOS dev • 1d ago
Promotions thir OS: Linux kernel + an all-Rust userspace
Linux kernel එක උඩ මම build කරන thir OS එකේ අලුත් release එක v0.7.1 අද out කළා. කලින් version වලදී basic shell commands ටිකක් විතරක් තිබුණට, මේ version එකත් එක්ක Linux 6.12 kernel එක උඩ තනියම Rust වලින් ලියපු userspace එකට සෑහෙන්න අලුත් features ටිකක් එකතු වුණා.
දැනට මේක ඇතුළේ YouTube පවා play වෙන WebKit based browser එකක්, music/video player, picture viewer, voice recorder සහ mic/camera permissions පවා අහන camera supported apps තියෙනවා.
ඒ වගේම notes, calendar, contacts,clock, calculator වගේ built-in apps ටිකකුත් තියෙනවා.
මේකේ තියෙන අනිත් විශේෂම දේ තමයි optional AI Agent එක (BYOK). Terminal එකේ ! ගහලා move notes into docs හෝ make me a weather app වගේ දෙයක් කිව්වම, කරන්න යන දේ පෙන්නලා ඔයාගේ approval එක ඇතුව OS එක ඇතුළේ අලුත් apps පවා build කරලා දෙනවා. දැනට මේ AI එකෙන් apps generate කරන්නේ Lua scripts විදියට, හැබැයි ඉස්සරහට එන releases වලදී ඒක React-based native api supported apps build කරන මට්ටමට update කරන්න හිතාගෙන ඉන්නේ.
කෝමහරි මේ release එක හදද්දී WebKit එක compile වෙන්න විතරක් පැය 4ක් විතර ගියා, ඒ නිසා ඇත්තටම ටිකක් මහන්සියි. ඒත් වැඩේ ගොඩදාගත්ත එක ගැන සතුටුයි.මේ features ටික එකතු කළාට පස්සේ මුළු system එකේම size එක 140-150MB වගේ වුණා. කලින් 10MB තිබුණ එකත් එක්ක බලද්දී ටිකක් bloated වුණත් පොඩ්ඩක් usable මට්ටමේ තියෙනවා OS එක.ඉස්සරහට release එකක් කරන්න පුළුවන් වුණොත් මේකටම package manager එකක් හදන්නත් පොඩි idea එකක් තියෙනවා,ඒත් තාම sure නැහැ.
මේක තාම මම තනියම test කරපු experiment එකක් විතරයි — production-ready level එකට ගේන්න තාම හිතලා නෑ. ඒ නිසා run කරද්දී bugs තියෙන්න පුළුවන්. ඔයාලත් try කරලා බලලා මොනවා හරි bugs හරි issues හරි ආවොත් GitHub issue එකක් open කරන්න. ඒ වගේම මේ project එකට පොඩි support එකක් විදියට GitHub repo එකට Star ⭐ එකක් දාන්නත් අමතක කරන්න එපා!
Check it out : https://github.com/Adhishtanaka/thir
#RustLang #LinuxKernel #OperatingSystems #SystemsProgramming #VibeCoding #BuildInPublic #OpenSource #SoftwareEngineering
2
u/JustNomalboy 17h ago
Oi. Seems to be an amazing project. Can I try it? And does it have Wayland support